කෝවිඩ් රෝගීන්ට ආණ්ඩුකාරවරියගෙන් ප්‍රතිශක්තිකරණ ඖෂධ

නොවැ 18, 2020

    නැගෙනහිර පළාතේ කෝවිඩ්- 19 රෝගින්ට ලබාදිම සදහා විශේෂ පාරම්පරික ඖෂධ වට්ටෝරුවක්, පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ බෙදා දුන්නාය.

    නිකවැරටිය ජීව ආයුෂ රෝහලේ ප්‍රධාන අධ්‍යක්ෂක පාරම්පරික වෛද්‍ය සදුන් කෝට්ටයාවත්ත මහතා විසින් එම ඖෂධ වට්ටෝරු තොගය ආණ්ඩුකාරවරියට ලබාදි තිබේ. එම ඖෂධ තොගය ආණ්ඩුකාරවරිය විසින් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ඒ.ලතාහරන් මහතා වෙත භාරදිමට කටයුතු කළාය.

    අදට යෙදෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන උපන්දිනයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. මෙම ඖෂධ දැනට නැගෙනහිර පළාත තුළ කෝවිඩ් වසංගතය වැළදීමෙන් රෝහල් ගත කර සිටින රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම සදහා ලබාදීමට නියමිතය.

    එහිදි අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය මෙසේද පැවසුවාය.

    “ අද අපිට ලැබුණු ඖෂධ කෝවිඩ් පොසිටිව් රෝගීන්ට ලබා දෙනවා. ඒ අයගේ ප්‍රතිශක්තීකරණය වර්ධනය වීමත් සමග එම රෝගයට වඩා හොදින් මුහුණ දෙන්න පුළුවන්. මෙම රෝගය පාලනය කරන්න අපේ පළාතේ අපි බොහෝ උත්හසයන් දැරුවා.

    තවමත් අපේ පළාතේ සෞඛ්‍ය කාර්යමණ්ඩල ඒ උත්සහයේ නිරත වෙමින් සිටිනවා. අපේ පළාත කෘෂිකාර්මික පළාතක් නිසා බොහෝ දෙනෙකුට ඒ කටයුතු වල නිරත වෙන්න වෙනවා. ධිවර කර්මාන්තය සදහාත් වැඩි පිරිසක් යොමු වෙලා ඉන්නවා. ඒ සියළු දෙනා ආරක්ෂා කරමින් අපි මේ රෝගය මර්දනය කිරීමට හැකි හැම පියවරක්ම ගන්නවා.” යැයිද ආණ්ඩුකාරවරිය කියා සිටියාය.

    DSC 9847 c

    DSC 9838 c

    Latest News