ආසාදිතයින් 401ක් - වැඩිම කොළඹින්

නොවැ 18, 2020

    අද (18) උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 401 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    ඉන් දේශීයව පුද්ගලයින් 398 දෙනෙක් හා විදේශීය රටවල සිට මෙරටට පැමිණි විදේශීය මුහුදු ආරක්ෂකයින් තුන් දෙනෙක් ලෙස වාර්තා වෙයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ ප්‍රදේශයෙන්. සංඛ්‍යාව 201ක්.

    ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 82ක් සහ කළුතර ප්‍රදේශයෙන් ආසාදිතයින් 32ක් වෙයි. අද (18) උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළෙඳපොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ්-19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 14,564ක්.

    ඉන් පුද්ගලයින් 8,785ක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබේ.

    Latest News