හෙට දුම්රිය ගමන්වාර 80ක් (වීඩියෝ)

නොවැ 15, 2020
  • හෙට (16) සිට දුම්රිය ගමන්වාර 80ක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    එසේ වුවද හුදෙකලා ප්‍රදේශවල නොනවත්වා කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

    ඒ අනුව හලාවත මාර්ගයේ දුම්රිය අටක්, කැළණිවැලි මාර්ගයේ දුම්රිය දහයක්, ප්‍රධාන මාර්ගයේ දුම්රිය විසි හතරක් සහ මුහුදුබඩ මාර්ගය දුම්රිය තිස් අටක් ධාවන කිරීමට නියමිතයි.

    සියලු දුම්රිය මගීන්ට නැගීමට බැසීමට හැකි කොළඹ කොටුව දුම්රිය ස්ථානය එම ප්‍රදේශය හුදෙකලා කර තිබුණත් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මගීන්ට මෙම පහසුකම සැපයේ.

    දුම්රිය ස්ථානයට ඇතුළු වන විට අත් සේදීම සඳහා පහසුකම් සලසා තිබේ. උණ පරික්ෂා කිරීමෙන් අනතුරුව දුම්රිය ස්ථානයට මගින් ඇතුල් කරන ලබන අතර hand sanitizer බෝතලයක් තමා විසින් රැගෙන ඒම වඩා උචිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

    දුම්රිය ස්ථානවල සේවකයින්ගේ ආරක්ෂාව පිණිස ඔවුන්ට අත් සෝදන ද්‍රව්‍ය අත්වැසුම් මුහුණු ආවරණ සපයා තිබේ.

    තවද නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, තැපැල් දුම්රි, දුර ගමන් සේවා දුම්රිය කිසිවක් නැවත දැනුම් දෙන තුරු ධාවනය නොවේ.

    මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංගම බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරන බවයි. කෙසේ වෙතත්, එම බස් රථ ද හුදකලා කළ ප්‍රදේශවල නොනවත්වා ධාවනය කරනු ඇති.

    train_p01.jpg

     

    Last modified on ඉරිදා, 15 නොවැම්බර් 2020 20:12

    Latest News