සංචරණ සීමාවලට 5000 දීමනාව තවදුරටත්

නොවැ 13, 2020

    කොරෝනා ‍වසංත ව්‍යාප්තියත් සමග සංචරණ සීමා පැනවීමෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් 5000 දීමනාව ලබාදීම තවදුරටත් ක්‍රියාත්මකයි.

    නිරෝධායනය වන පවුලක් සඳහා රුපියල් දස දහසක ආහාර මල්ලක් ලබාදීමට ද රජය පියවර ගෙන තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් පනස් දහසකට රුපියල් 5000 දීමනාව ලබාදී ඇතැයි, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    කඩුවෙල,මාලඹේ ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් කිහිපයක පීඩාවට පත් ජනතාවට රුපියල් 5000 දීමනාව ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.

    Latest News