UNP නායක ගැටලු නැහැ; මහින්ද තනතුරු දුන්නා ගියේ නැහැ

ජන 13, 2019

    එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නය නොමැති බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමාන් පවසයි.

    දින 56 කාලයේදි රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස ප්‍රකාශ කර මුදලට නොවිකිණී සිටියේ එනිසා බව ඔහු අවධානරය කළේය.

    මන්ත්‍රි ඉෂාක් රහුමාන් මේ බව ප්‍රකාශ කළේ ඉහළගම ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් බලපෑමක් කරනවලු නියෝජ්‍ය ඇමතිකම් තවත් 10ක් දෙන්න හැකියාවක් තියනවා ඇමති ධූර ලබා දෙනන් කියලා ඔබතුමත් ඒ අතර ඉන්නවාද?

    අපේ පසුපෙළ මන්ත්‍රීවරු ඉතුරුවෙලා තියෙන මන්ත්‍රී ධුර බලාපොරොත්තුවෙන් එදා අරගලයකට හිටියේ නෑ. අපි ව්‍යවස්ථා විරෝධී වැඩ වලට තමයි අපි එදා ඔක්කෝම එකට එක් වෙලා හිටියේ. මේ ව්‍යවස්ථා විරෝධී වැඩක් කරපු නිසා ඒක පරාද කරන්න ඕන කියලා. නමුත් පසුපෙළ මන්ත්‍රී වශයෙන් මමත් කියනවා. මගේ කණ්ඩායමත් කියන්නේ සුදුස්සෙක්ට දෙන්න. පරණ අය ජ්‍යෙෂ්ඨයෝ ඉන්නවා. ඒ අයට දෙන්න. අපි කිසම විරෝධතාවක් නැහැ. අපි ඉල්ලන්නේ අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් අපිට රටට ගමට සංවර්ධනය කරන්න අවශ්‍ය කටයුතු කරලා දෙන්න කියලා. ඒ වෙනුවෙන් එතුමා කෝටි 30ක් ලොකුම මුදලක් ලංකා ඉතිහාසයේ කවදාවත් නොකරපු සංවර්ධනයකට මහා විශාල මුදලක් ගම් වල සංවර්ධනය සඳහා ගරු අග්‍රාමාත්‍යතුමා ගම්පෙරළිය වැඩසටහන් වෙනුවෙන් දැන් අපිට වෙන් කරලා දීලා තියෙනවා. මේ දවස්වල අපි ඒ වැඩ වලට මුදල් ලෑස්ති කරගෙන දැන් මේ වැඩපිළිවෙළ කරගෙන යනවා.

    ඉදිරියේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් වෙලා කියලා ආරංචි ලැබෙමින් පවතිනවා. ඒ කියන්නේ මේ වසරේ දී ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ. මේ ගැන මොකද ඔබතුමන් හිතන්නේ.
    අපි ලෑස්තිවෙලා ඉන්නවා පළාත් සභා මැතිවරණය ආවත්, ජනාධිපතිවරණයටත් අපි ලෑස්තියි. අපි රටේ නීතිය අනුව එන ඕනම මැතිවරණයක් සදහා ලෑස්තියි.

    පක්ෂය අභ්‍යන්තරයේ ගැටළුකාරී තත්ත්වයක් බෙදුම්කාරී තත්ත්වයක් පවතින බව විපක්ෂය චෝදනා කරනවා හැමදාම පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවෙනවා. ඉතින් මෙහෙ ප්‍රශ්නයක් ඇත්තටම තියෙනවාද පක්ෂය අභ්‍යන්තරයේ?
    මම නම් දන්නේ නැහැ. ඒක කියන අයගෙන් අහගන්න ඒ ප්‍රශ්නෙට උත්තරය. අපිට නම් තියෙන්නේ එහෙම නම් ප්‍රශ්නයක් තිබ්බනම් ඒ දවස් 56 ඇතුළෙදී ප්‍රශ්න දැනගන්න තිබ්බා නේද රටේ ජනතාවට. කොතනවත් එහෙම ප්‍රශ්නයක් දැන ගන්න තිබුණේ නෑහැ. හැම එක්කෙනාම අත ඉස්සුවේ අගමැති වෙන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි කියලා. එතකොට කොහොමද ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක විපක්ෂයේ අය හදලා කියන මවාගෙන කියන කතාවක්නේ.

    ඔබතුමන්ට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබෙනවා කියලා සමහර පිරිස් කියනවා.ඒක ඇත්තක්ද?
    මම නම් ඒ ගැන බලාපොරෝතුත වුණේ නෑහැ. මම පසුපෙළ මන්ත්‍රී. මම පළවෙනි වතාවට පාර්ලමේන්තු ගියේ. ලබන සැරේ මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව නැවත වතාවක් මාව පත් කරලා ඒ අයට වැඩක් කරන්න ඕන කියලා බලාපොරොත්තු තිබ්බොත් මාව යවයි. අපි දැන්ම ඒ ගැන හිතලා තේරුමක් නැහැ.

    ඔබට පසුගිය මහින්ද මහතා අග්‍රාමාත්‍ය ධුරය ලබා ගත් අවස්ථාවේ ආණ්ඩුව පිහිටුවීම සදහා ඔබටත් ආරාධනා කළ. ඔබ රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දෙන්නත් සූදනාම් වුණා. ඇයි ඒක බාර නොගත්තේ.
    මම එතුමලාට ස්තූති වන්ත වෙනවා මට ආරාධනා කෙරුවට. මම ඒ වෙලාවෙදී කල්පනා කෙරුවා මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව එදා ඡන්දේ දීලා මාව පත්කෙරුවේ මුදල් වලට පාවලා දෙන්නවත්, තනතුරු වලට පාවලා දීලා යන්නවත් නෙවෙයි. මං කල්පනා කෙරුවා මුදල් තනතුරුද ජනතාවගේ ඡන්ද වරම ද කියලා.
    මං කල්පනා කෙරුවා මට ඉහළම දෙය තමයි එදා ජනතාව දුන්න ඡන්දය. ජනතාවත් එක්ක එකට එකතු වෙලා වැඩ කරන්න ඕනැයි කියන එක. ඒ දේ තමයි මං එදා ඉෂ්ඨ කෙරුවේ.

    Last modified on සදුදා, 14 ජනවාරි 2019 08:54

    Latest News