තවත් ලාංකිකයින් 371ක් දිවයිනට

ඔක් 03, 2020

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 371ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය සඳහා ගොස් සිටි මෙම පිරිස 362ක්. ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි-264 දරන විශේෂ ගුවන් යානය අද දින අලුයම 2.40ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

    ඉන්දියාවේ චෙන්නායි සිට අද දින අලුයම 4.50ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.1026 දරන විශේෂ ගුවන් යානයෙන් එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 9 දෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණ.

    මෙම ගුවන් මගීන් සියලු දෙනාම කටුනායක ගුවන් තොටුපොළේ දී පී.සී.ආර්. පරීක්ෂණට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරිණ.

    Latest News