අලිකොට ආරේ ජලය අපවිත්‍ර වෙයි

සැප් 30, 2020

    වැල්ලවාය, මොරහෙල ප්‍රදේශයේ අලිකොට ආර ජලාශයට ජලය ගෙන යන ප්‍රධානතම ජල මූලාශ්‍රය වන අලිකොට ආරේ ජලය මේ දිනවල දැඩිලෙස අපවිත්‍ර වෙමින් පවතී.

    උමාඔය ව්‍යාපෘතියේ මොරහෙල ප්‍රදේශයේ සිදු කරන භූගත කැණිම් මගින් ඉවතලන අපද්‍රව්‍ය සහ විවිධ රසායනික ද්‍රව්‍ය මුසු වූ ජලය සෘජුවම අලිකොට ආරට මුදා හැර තිබේ.

    එම රසායනික ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය වල ඇති විෂ සහිත බව නිසාම අලිකොට ආරේ ජීවත් වූ මත්ස්‍යයන් රැසක්ම මේ වන විට විනාශ වී ඇති අතර අලිකොට ආරේ පහල කොටසේ මේ වන විට කිසිදු මත්ස්‍යයෙක් දක්නට නොලැබේ.

    ඇල්ලවල දියඇල්ල හරහා ගලා බසින අතිශය සුන්දර සහ වටිනාකමකින් යුත් අලිකොටආරේ ජලය මේ වන විට සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වී සුදුපැහැති වී ඇත.

    ඊට අමතරව අලිකොටආර ඉවුරේ මඩද එම රසායනික ද්‍රව්‍ය වල ඇති විෂ නිසාම කිරි පැහැති වී ඇති අතර ඇල්ලවල දිය ඇල්ල නැරඹීම සදහා පැමිනෙන සංචාරකයන් දිය නෑම සදහා ද මෙම ස්ථානයභාවිතයට ගනී.

    නමුත් මෙලෙස ජලය අපවිත්‍ර වීම නිස එම කටයුතු ද කර ගැනිමට නොහැකිවී ඇති අතර මෙම අපද්‍රව්‍ය විදිමත් පරිදි බැහැර කිරීමට බලදාරින් කටයුතු නොකල හොත් ඉදිරියේ දී අලිකොටආරේ ජලය සම්පූර්ණයෙන්ම විනාශ වී යනු ඇත.

    Latest News