නිරෝධායන මධ්‍යස්ථානවල සිට තවත් 11කට කොවිඩ්-19

සැප් 24, 2020

    අද උදෑසන වන විට කොවිඩ් 19 ආසාදිත තවත් 11 දෙනෙක් හඳුනාගෙන ඇති බව,කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඔවුන් සියලුදෙනාම නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි අයයි. වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි දෙදෙනෙක් හා හම්බන්තොට හොටෙල් ශැන්ග්‍රිලා,බියගම විලේජ් හොටෙල් හා දියගම ක්‍රීඩා සංකීර්ණය යන නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 7 දෙනෙක් ද කොවිඩ් 19 ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.

    ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ, සෞදි අරාබි හා ඩුබායි සිටයි.

    ඉතියෝපියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී සිටි පුද්ගලයෙක් හා රුසියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි තවත් පුද්ගලයෙක්ට ද කොරෝනා ආසාදනය වී ඇතැයි,හඳුනාගෙන තිබේ. අද උදෑසන අබුඩාබි,දෝහා හා ඩුබායි යන රාජ්‍යයන්වල සිට 356 දෙනෙක් මෙරටට පැමිණියේය.

    ඔවුන් සියලුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බව,කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 24 සැප්තැම්බර් 2020 11:27

    Latest News