හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරට එරෙහි නඩුව අවසන්

සැප් 24, 2020

    කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා මේ වන විට මියගොස් ඇති හෙයින් ඔහුට එරෙහිව ගොනුකළ නඩුවේ විභාග කටයුතු අවසන් කිරීමට කොළඹ මහාධිකරණය අද තීන්දු කළේය. 

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැදවනු ලැබීය.

    එහිදී විත්තිකාර ආනන්ද සමරසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයා මියගොස් ඇති බව තහවුරු කෙරෙන ඔහුගේ මරණ සහතිකය අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

    එය පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුවේ කටයුතු අවසන් කිරීමට තීන්දු කළේය.

    වසීම් තාජුදීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය භාරයේ පැවති අස්ථි කොටස් කීපයක් අස්ථානගත කරමින් සාක්ෂි වසන් කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 24 සැප්තැම්බර් 2020 12:01

    Latest News