බැලුම්මහර ලොරියකින් කසළ තේ කිලෝ 8,155ක්

සැප් 18, 2021

    ගම්පොල සිට කොළඹ ප්‍රදේශයට ලොරියකින් රැගෙන යමින් තිබූ කසළ තේ තොගයක් බැලුම්මහර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරෙහි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙහිදී කසළ තේ කිලෝ 8,155ක් සමග සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගැනිණ. 

    ඔවුන් අවුරුදු 29 සහ 43 වයසේ පසුවන ගෙලිඔය පදිංචිකරුවන් වෙයි.

    සැකකරුවන් සහ නඩු භාණ්ඩ අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News