කසළ තේ ලොරියක් සමග සැකකරුට මාංචු

පෙබ 27, 2020

    උලපනේ තේ කර්මාන්ත ශාලාවක් වෙත කසල තේ කිලෝ 3055ක් ප්‍රවාහනය කරමිත් තිබූ ලොරි රථයක් සමග සැකකරුවෙකු අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ ගම්පොළ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිදුකරන ලද වැටලීමකදී. කසළ තේ තොගය රැගෙන ගොස් ඇත්තේ, උඩුනුවර වෙලම්බොඩ සිට ගම්පොළ උලපනේ තේ කර්මාන්ත ශාලාවක් වෙතයි. කසළ තේ රැගෙනවිත් මෙම කර්මාන්තශාලාවේදී ඊට රසායනික ද්‍රව්‍ය යොදා යළි සකස් කර දෙස් විදෙස් වෙළෙඳපොළට නිකුත් කරන බවට, මීට පෙර තොරුතු ලැබී තිබූ බවයි, වාර්තා වන්නේ. වැටලීම සිදුකර ඇත්තේ ඒ අනූවයි.

    මීට සති දෙකකට පමණ පෙර ද මේ කර්මාන්තශාලාව වෙත කසළ තේ ප්‍රවාහනය කළ ලොරියක් හඳුනාගෙන තිබේ. අද අත්අඩංගුවට ගත් සැකකරු ගම්පොළ පොලීසිය වෙත භාරදී ඇති අතර ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 පෙබරවාරි 2020 12:09

    Latest News