විකුණන්න හැදූ කසළ තේ තොගය මාට්ටු

පෙබ 17, 2019

    බෙදා හැරීමට සූදානම් කර තිබූ කසළ තේ තොගයක් කැලණිය වනවාසල ප්‍රදේශයේ දී සැකකරුවෙකු සමඟ ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ පෑලියගොඩ පොලිස් අපරාධ විමර්ශන අංශය විසින්. තේ කිලෝ 584ක් සැකකරු සතුව තිබී සොයා ගැනිණ. දිගු කළක සිට ඔහු කැලණිය වනවාසල ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක පිහිටි නිවසක කසළ තේ බෙදා හැර ඇති බවයි, අනාවරණය වී ඇත්තේ.

    වයස අවුරුදු 34ක් වන ඔහු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කසළ තේ බෙදා හැරීම සඳහා උපයෝගී කර ගත් තරාදියක් ද පොලිස් බාරයට ගැනිණ. කසළ තේ තොගය සමඟ සැකකරු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

     

    Last modified on ඉරිදා, 17 පෙබරවාරි 2019 10:49

    Latest News