කසළ තේ තොගයක් සීදුවේදී අත්අඩංගුවට

ජූලි 13, 2020

    සීදූව පොලිස් වසමේ කොටුගොඩ ප්‍රදේශයේ ගබඩාවක කසළ තේ කිලෝ 700ක් පැකට් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 45 , 51 වයස්වල පසුවන ජාඇල සහ රාගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

    ඊයේ (12) සීදූව පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බව පොලීසය පවසයි.

    අදාළ සැකකරුවන් අද (13) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on සදුදා, 13 ජූලි 2020 10:19

    Latest News