සමෘද්ධිය බලගන්වා රු. බිලියන 500ක් ඉපැයීමේ ඉලක්කයක්

ජන 11, 2019

    අලුතින් සමෘද්ධි සහනාධාරය හිමිවිය යුතු ලක්ෂ 8කට එය ලබාදීමට රජයේ බලාපොරොත්තුවේ.

    සමෘද්ධිලාභීන් සවිබල ගන්වා වසරකට රුපියල් බිලියන 500 ක ආදායමක් රටට උත්පාදනය කිරීම ඉලක්කය බව සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. රටේ අපනයන ආදායම ඉහළ නැංවීමට ලක්ෂ 14ක් වන සමෘද්ධි හිමිකම්ලාභීන්ගේ දායකත්වය ලබාගත යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඊට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස එම අමාත්‍යාංශයේ පසුගියදා පැවති සාකච්ඡාවේ දී උපදෙස් දුන්නේ ය.

    සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීම සඳහා නිසි පුහුණු ක්‍රමවේදයක් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ලබා නොදීම බලවත් අඩුපාඩුවක් බව ද පැවසූ අමාත්‍යවරයා වසර 20ක් පුරා සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමට නොහැකි වී ඇත්තේ එම නිසා බව ද පෙන්වා දුන්නේ ය.

    Last modified on සිකුරාදා, 11 ජනවාරි 2019 13:24

    Latest News