මංතීරු නීතිය අදත් ක්‍රියාත්මකයි

සැප් 21, 2020

    මංතීරු නීතිය උල්ලංඝනය කරන අයට එරෙහිව අදින් ආරම්භ වන සතිය තුල දඩ නියම කිරීම හෝ අධිකරණ ක්‍රියාමාර්ග නොගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

    කෙසේ වෙතත් මංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරන් කැඳවා දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වාත්,පස්වරු 4.00 සිට රාත්‍රී 8.00 දක්වාත් කොළඹ සහ තදාසන්න ප්‍රධාන මාර්ග 4ක් කේන්ද්‍ර කර ගනිමින් මංතීරු නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවේ පසුගිය 14 වැනි දිනයි. කොළඹ සහ අවට මාර්ගවල රථ වාහන තදබදය අඩු කිරීමේ වැඩපිළිවෙළක් ලෙස හඳුන්වා දුන් මංතීරු නීතිය පසුගිය සතිය පුරා පෙරහුරු වැඩසටනක් ලෙස ක්‍රියාත්මක කෙරුණි.

    උදෑසන 6 සිට උදෑසන 9 දක්වාත් පස්වරු 4 සිට රාත්‍රි 8 දක්වාත් හයිලෙවල් මාර්ගය, නුවර පාර, ගාලු පාර සහ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය යන මාර්ගවල මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

    Latest News