යළි වෙනස් වූ මංතීරු නීතිය

සැප් 23, 2020

    අද (23) සිට බස් ප්‍රමුඛතා මංතීරුවේ ධාවනය කළ හැක්කේ මගී ප්‍රවාහන බස්රථ, පාසල් සේවා බස් රථ, කාර්යාල සේවා බස් රථ සහ වෑන් රථවලට පමණක් බව පොලීසිය දැනුම් දෙයි. ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා දෙවැනි මංතීරුව භාවිත කරන ලෙස ඔහු දැනුම් දෙයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ඊයේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මේ බව සඳහන් කළේය.

    නව රථවාහන මංතීරු නීතිය ක්‍රියාත්මක කළ පළමු දිනට වඩා අද වන විට රථවාහන ගමනාගමයේ වේගය වැඩි වී ඇති බව ඔහු ප්‍රකාශ කරයි. රථවාහන අනතුරු සිදුවන ප්‍රමාණය ද අඩු වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

    Last modified on බදාදා, 23 සැප්තැම්බර් 2020 11:19

    Latest News