මංතීරු නීතිය අද සිට

සැප් 14, 2020

    කොරෝනා වසංගතය හේතුවෙන් බස්නාහිර පළාත තුළ තාවකාලිකව නතර කර තිබූ මංතීරු නීතිය අද ආරම්භ කෙරිණ.

    ලබන 16 වැනිදා දක්වා දින තුනක් ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් මංතීරු නීතිය ක්‍රියාත්මක කරන බවයි, පොලීසිය පවසන්නේ. කොළඹ නගරයේ අධික රථ වාහන තදබදයට විසඳුමක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මංතිරු නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කළේය.

    පසුගිය කාලයේ එය සාර්ථකව ක්‍රියාත්මක වූ අතර, කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඇඳිරිනීතිය පැනවීමත් සමග මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරුණේ නැහැ. නමුත් මේ වන විට රට යථා තත්වයට පත්ව ඇති බැවින් මංතීරු නීතිය නැවත ක්‍රියාත්මක කිරීමටයි, පොලීසිය පියවර ගෙන තිබෙන්නේ.

    Latest News