පොහොට්ටුවට ගිය අය අාපසු එන්න; දයාසිරිගෙන් ආරාධනා

ජන 10, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව නම් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා පවසයි. 

    අද (10) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා මේ බව කියා සිටියේය.

    මේ වසර මැතිවරණ වර්ෂයක් බවත් පක්ෂයේ යෝජනාව අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා යැයි ඔහු අවධාරණය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එදා පැවති ශක්තිය අද වන විටත් ඒ අයුරින්ම පවතින බවත් මන්ත්‍රීවරයා පවසයි.

    මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා අද (10) පෙරවරුවේ රාජකාරී ඇරඹීය. ඒ කොළඹ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ යි. අද පෙරවරුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත ගිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ද එම අවස්ථාවට එක්වි නව මහලේකම්වරයා වෙත සිය සුබපැතුම් පිළිගැන්වීය. දයාසිරි ජයසේකර මහතා වෙත අදාළ පත්වීම් ලිපිය පිළිගැන්වීම ද එහිදි ජනාධිපතිතුමා අතින් සිදු විය.

     කියා සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වි පොදුජන පෙරමුණට සම්බන්ධවි සිටින පිරිස් වෙතට නැවතත් පක්ෂයට සම්බන්ධවන ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර ආරාධනා කරන කළේය. ඒ් අනුව පක්ෂය ශක්තිමත් කිරිමට සැලසුම් සකස් කර ඇති බවත් ඒය මැද පිළිවෙතක සිට කිරිම බලාපොරොත්තුව බව ඔහු පෙන්වා දුනී.

    dayasir 21i px 900 19 01 10

    dayasir 1i px 900 19 01 10

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජනවාරි 2019 18:27

    Latest News