ඇන්ටනෝ යානය බිමහෙලූ LTTE 2ක් සිරගෙට

ජන 10, 2019

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඇන්ටනෝ ගුවන් යානාවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර බිම දැමීමේ වර්ද පිළිගත් එල්.ටී.ටී.ඊ සාමාජිකයින් දෙදෙනෙකුට වසර 185ක සිර දඩුවමක් වසර 5කින් ගෙවී යන පරිදි දඩුවම් නියම කෙරිණ.

    නඩු විභාගය අනුරාධපුර මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා හමුවේ අද පැවැත්විණ.

    2000 වසරේ මාර්තු 5 වැනිදා විල්පත්තු ප්‍රදේශයේ පියාසර කරමින් තිබිය දී මෙම ඇන්ටනෝ 32 ගුවන් යානයට මිසයිල ප්‍රහාරය එල්ල කෙරිණ. එහි ගමන්ගත් රුසියානු ගුවන් නියමුවා, ආරක්ෂක නිලධාරීන් ප්‍රමුඛ 37 දෙනෙකු මිය ගියේය. ඒ අනූව චූදිතයින් වූ රාජතුරෙයි රාජගන් (41) නොහොත් "කුලවත්" හා නල්ලාන් සිවලිංගම් (43) හෙවත් "සින්නතිලක" යන දෙදෙනාට එරෙහි නීතිපති විසින් චෝදනා 37ක් ගොනුකර තිබිණ. 

    මෙම චෝදනා 37ටම විත්තිකරුවන් විසින් අද වරද පිළිගනු ලැබිණ. ඒ අනූව එක් චෝදනාවකට වසර 5 බැගින් වසර 185ක සිර දඩුවමක් වසර 5කින් ගෙවී යන පරිදි මහාධිකරණය විසින් නියම කෙරිණ.

    මොවුන් දෙදෙනා එල්ටීටීඊ සංවිධානයේ මිසයිල අංශයේ සාමාජිකයන් ලෙස කටයුතු කර ඇත. 

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජනවාරි 2019 18:38

    Latest News