මන්නාරම හා යාපනය කිතුණු දේවස්ථාන තුළ සැකකටයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයා අත්අඩංගුවට (වීඩියෝ)

ජූලි 06, 2020
  • මන්නාරම පේසාලෙයි ප්‍රදේශයේ කිතුණු දේවස්ථානයකට සැකකටයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයා යාපනය ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ ද සැකසහිත ලෙස හැසිරෙමින් සිටියදී යාපනය පොලිසිය විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    මන්නාරම, පේසාලේ දේවස්ථානය තුළ සැකකටයුතු අන්දමින් හැරීමෙන් පසු ඔහු පිළිබඳ උතුරු පළාතේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කරමින් විමර්ශන ආරම්භ කෙරිණ. බෑගයක් රැගෙන පැමිණි එම පුද්ගලයා ආපසු හැරී යනු දුටු අයෙකු දේවස්ථානයේ පියතුමාට දැනුම්දීමෙන් පසු පොලිසියට මේ ගැන පැමිණිලි කර තිබේ. පසුව කළ සොයා බැලීමේදී එම තැනැත්තා සැකකටයුතු අන්දමින් සිටින අයුරු අවේක්‍ෂණ කැමරාවල පටිගත වී තිබිණ.

    Last modified on සදුදා, 06 ජූලි 2020 20:24

    Latest News