කොවිඩ් සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නන්ට එරෙහිව නීතිමය පියවර

සැප් 16, 2020

    කොවිඩ් - 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා වන සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. මෙරටින් කොවිඩ් - 19 රෝගය වැළඳුණු නව දෙනෙක් ඊයේ හඳුනාගනු ලැබීය. ඉන් සිව් දෙනෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන්. කුවේට් රාජ්‍යයේ සිට පැමිණි තිදෙනෙක් ද ඊයේ හඳුනාගත් රෝගීන්ට අයත්.

    කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක් ඊයේ හඳුනාගැනුණු රෝගීන් අතර වෙයි. අනෙක් රෝගියා ඉන්දියාවේ සිට පැමිණි ඉන්දියානු සිවිල් නාවිකයෙක්.

    Latest News