ව්‍යාජ ලෙස PCR වාර්තා සකස් කළ තිදෙනෙකු STF අත්අඩංගුවට

දෙසැ 24, 2021

    විදෙස් ගතවන පුද්ගලයන්ට ව්‍යාජ ලෙස PCR වාර්තා සකස්කර මුදලට අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (23) විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

    ගුවන් හමුදා බුද්ධි ඒකකයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් කොච්චිකඩේ පොලිස් වසමේ කොච්චිකඩේ, පෝරතොට මස්කඩේ අසල දී අදාළ වැටලීමක් සිදුකර ඇත.

    එහි දී, කොච්චිකඩේ සහ රත්දොළුගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21 ත් 37 ත් අතර පුද්ගලයින් තිදෙනෙකු ඊයේ රාත්‍රී 9.30ට පමණ මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රත්දොළුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

    ඔවුන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 01ක්, ජංගම දුරකථන 05 ක්, පෙන් ඩ්‍රයිව් 2ක් සහ ව්‍යාජ P.C.R වාර්තා 17 ක් අත්අඩංගුවට ගෙන ඇත.

    Latest News