අදත් ප්‍රදේශ රැසකට වැසි

සැප් 12, 2020

    අද (12) දිනය තුල සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

    එසේම ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේත් අද (12) සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන් වේ.

    Latest News