WHO අගෝස්තු විශේෂාංගයෙන් ශ්‍රී ලංකාවට ඇගයීමක්

සැප් 12, 2020

    COVID-19 වසංගතයට ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය වේගය, තීරණගැනීම හා සම්බන්ධීකරණය අතින් ඉහළ තලයක ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අගෝස්තු මාසයට අදාළ විශේෂාංග රටවල් වාර්තාව ඔස්සේ සදහන් කර ඇත.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සිය ෆේස්බුක් ගිණුමේ මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇති අතර එය පහත දැක්වේ.

    "COVID-19 වසංගතයට ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය වේගය, තීරණගැනීම හා සම්බන්ධීකරණය අතින් ඉහළ තලයක ඇති අතර එම සාර්ථකත්වයට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශවල සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික මගපෙන්වීම මත ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශක්තිමත් නායකත්වය ඔස්සේ සමස්ත සමාජ ප්‍රවේශය භාවිතා කිරීම ඉවහල් වී ඇත."

    -WHO අගෝස්තු විශේෂාංග රටවල් වාර්තාව-

     

    Last modified on සෙනසුරාදා, 12 සැප්තැම්බර් 2020 09:15

    Latest News