යෝජිත 20 වැනි සංශෝධන කෙටුම්පත රජයේ මුද්‍රණාලය වෙත

සැප් 03, 2020

    යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කිරීම සඳහා රජයේ මූද්‍රණාලය වෙත ලැබී තිබේ.

    රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය අද (03) දිනයේ නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (02) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

    Latest News