“ලන්ඩන් වේදනා මර්දන කළමනාකරණ මධ්‍යස්ථානය“ විවෘත කෙරේ

සැප් 02, 2020

    වේදනා මර්දනය සඳහා විශේෂිතව හඳුන්වා දෙන “ලන්ඩන් වේදනා මර්දන කළමනාකරණ මධ්‍යස්ථානය“ අද (02) විවෘත කෙරිණ.

    ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙය කොළඹ 07 හෝර්ටන් ප්‍රදේශයේ අංක 31 දරණ ස්ථානයේ, ස්ථාපනය කර තිබේ. මෙතෙක් දියුණු රටවලට පමණක් විශේෂිත වූ නිදන්ගත වේදනා කළමනාකරණ ප්‍රතිකාර මමම මධ්‍යස්ථානයේන සිදු කිරීමට අපේක්‍ෂිතයි. මීට අදාළ වෙබ් අඩවිය ද අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරිණ. නිදන්ගත වේදනා මර්දන විශේෂඥ වෛද්‍ය නාමල් සේනසිංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News