මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 3,101ක්

සැප් 03, 2020

    මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3,101ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (02) දිනයට වාර්තා වූ නව ආසාදිතයින් 10 දෙනා සමගයි.

    එයින් රෝගීන් පස් දෙනෙක් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර, දෙදෙනෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙක් බව, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

    මීට අමතරව කුවේට් සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් හා කටාර් සිට පැමිණි එක් පුද්ගලයෙක් ද නව ආසාදිතයින් ලෙස වාර්තා විය. 

    Latest News