බදුල්ලට ආ අලුත් හොල්මන් (විඩියෝ)

ජන 08, 2019
  • විධායක ජනාධිපති ක්‍රමය රටට තවදුරටත් අවශ්‍ය ද නැද්ද යන්න සම්බන්ධයෙන් දේශපාලන ලාංකීක සමාජයේ මෙන්ම සමාජ කණ්ඩායම් අතර විවාධයට තුඩු දි තිබෙන මාතෘකාවකි.

    දේශපාලනයේ දී එක් කණ්ඩායමක් එය අවශ්‍ය බව කියද්දි තවත් පිරිසක් එයට රටට අහිත කර බව පවසයි.

    1978 වසරේ මෙරට හඳුන්වා දුන් අද වන විට එය එපා කියන මතයට පැමිණ තිබේ ප්‍රධාන කණ්ඩායම වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ මෙන් තවත් දේශපාලන පක්ෂ මේ මතයේ සිටි. අනුව 20 වැනි සංශෝධනය ලෙසින් ව්‍යවස්ථාවට නව සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණෙන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

    අද වනවිට සිවිල් සංවිධාන කියා සිටින්නේ විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍ය නොමැති බවයි. විධායක ජනපති ක්‍රමයෙන් ඉවත් විමට එම සංවිධාන විසින් ජනතාව දැනුවත් කිරිමට දැන් පෙරට පැමිණ තිබේ.

    එ අනුව බදුල්ල නගරයේ ස්ථාන කිහිපයක දැන්වීමි පුවරු රැගත් හොල්මන් අද දහවල් සැරිසැරවේ විධායක ජනපති ක්‍රමය එප කියමිණි. මෙම හොල්මන්වල ඉල්ලී සිටින්නේ ජනාධිපති ධුරය එපා යන්නයි. අලුත් පියාපත් නම් සංධානයක් විසින් එය සංවිධානය කර තිබිණ.

    Latest News