විධායක ජනපති ධුරය අහෝසි යෝජනාවට ඇමති විරෝධය

සැප් 19, 2019

    විධායක ජනාධිපති ධුරයට අහෝසි කිරීම සඳහා වූ යෝජනාව විශේෂ අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් වූ අතර එය අමාත්‍ය මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වූ බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, විශේෂ කැබිනට් හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. විශේෂ කැබිනට් හමුව අද ප.ව 3.30ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කෙරිණ.

    ඊට අමාත්‍ය මණ්ඩලයේ විශාල පිරසක් විරෝධය දැක්වූ බව, අමාත්‍ය රවුෆ් හකීම් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2019 19:59

    Latest News