8 වැනි ජනාධිපතිවරණයේ නාම යෝජනා බාර ගැනීම අද

ඔක් 07, 2019

    ශ්‍රී ලංකා 8වැනි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාම යෝජනා බාර ගැනීම අද සිදුකෙරේ.මෙය සජීවීව ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.

    ඒ රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී. නාම යෝජනා බාරදීම සිදු කෙරෙන්නේ උදෑසන 9.00ත් 11.00ත් අතර කාලයේදී. ඉන් අනතුරුව දහවල් 11.00 සිට 12.00 දක්වා විරෝධතා ඉදිරිපත් කළ හැකියි. මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

    ප්‍රධාන දේශපාලන පක්ෂ 19ක්, වෙනත් දේශපාලන පක්ෂ 3ක්, ස්වාධීන අපේක්ෂකයින් 19 දෙනෙක් ද ඒ අතර වෙයි. ජනාධිපතිවරණය ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඇප තැන්පත් කළ අවස්ථාව ද මෙයයි.

     

     

    Last modified on සදුදා, 07 ඔක්තෝබර් 2019 09:43

    Latest News