පලෙයි අනතුරින් 03ක් මරුට

ජන 08, 2019

    යාපනයේ පලෙයි ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් තිබේ.

    ඒ-9 මාර්ගයේ අයියකච්චිය මංසන්ධියේ දී යාපනයේ සිට මහනුවර දෙසට ගමන් ගත් ත්‍රිවිලර් රථයක් සහ මහනුවර දෙස සිට යාපනය දෙසට ගමන් ගත් යුද හමුදා ට්‍රක් රථයක් එකිනෙක ගැටී ඇත.

    අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් රියදුරු සමඟ දෙදෙනෙකු බරපතල තුවාල ලබා පලෙයි රෝහලට ඇතුලත් කිරිමෙන් පසු තිදෙනාම මියගොස් තිබේ. අනතුර සම්බන්ධයෙන් යුද හමුදා ට්‍රක් රථ රියදුරු අත්අඩංගුවට ගෙන කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 08 ජනවාරි 2019 20:24

    Latest News