ආජන්ටිනාවේ ජනපති පුටුව ඇල්බර්ටෝ'ට

ඔක් 28, 2019

    ආජන්ටිනාවේ ජනාධිපතිවරණයේ ජය ඇල්බර්ටෝ ෆර්නෑන්ඩස් හිමි කරගෙන තිබේ. ඔහු 47%යි දශම 7.9ක ඡන්ද ප්‍රමණය්ක දිනාගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    ආජන්ටිනාවේ වත්මන් ජනපති මෝරිසියෝ මැක්රි මැතිවරණයේ ප්‍රතිවාදියා ලෙස කරග කළේය. ඔහු හිමි කරගෙන ඇති සමස්ත ඡන්ද ප්‍රමාණය 40% දශම 7.1ක්. ආජන්ටිනාවේ ජනගහණයෙන් තුනෙන් එකකට අධික ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් පෙළෙන දරුණු ආර්ථික අසීරුතාවන්ගෙන් යුතු අවස්ථාවක මෙම ජනාධිපතිවරණය පැවැත්වීම විශේෂත්වයක්.

    ඇල්බර්ටෝ ෆර්නෑන්ඩස් ජනාධිපතිවරණයේ ජය හිමිකර ගනු ඇති බවට මුල සිටම අනාවැකි පළව තිබිණ. ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය ද ඉහළ මට්ටමක පැවති බවයි, වාර්තා වන්නේ. ඇල්බර්ටෝ ෆර්නෑන්ඩස්ගේ ජය සමරමින් ජනතාව වීථි බැස තිබේ. මොරිසියෝ මැක්රීද, ඇල්බර්ටෝ ෆර්නෑන්ඩස්ට සිය සුභාශිංසන පළකර ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News