හිටපු පා. ම. සජින් වාස්ගේ නඩුවේ වැඩිදුර සාක්ෂි හෙට

අගෝ 26, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස රුපියල් කෝටි 30 කට අධික මුදලක් අයථා ලෙස උපයා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය හෙට දින යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළා.

    මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු පහ නම් කර සිටින සමාගම් ගණකාධිකාරීවරයෙකු වන ප්‍රසාද් දිමුතු නමැත්තාගේ සාක්ෂි සටහන් කරගැනීම සිදු විය.

    ඉන් අනතුරුව වැඩිදුර විමසීම හෙට දිනට කල් තැබුණි.

    2010 වසරේ සිට 2015 දක්වා කාලසීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස රුපියල් තිස් කෝටි හැට දෙලක්ෂයකට අධික මුදලක් අයථා ලෙස උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

    Latest News