හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේට එරෙහි නඩුව යළි සැප්. 4

අගෝ 26, 2020

    බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 4 වන දා දක්වා කල්දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළා.

    එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අභියාචනාධිකරණයේ නඩුවකට පෙනී සිටින හෙයින් මෙමම නඩු විභාගය සැප්තැම්බර් මස 4 වන දා දක්වා කල් තබන බව විනිසුරුවරයා නියම කළා.

    මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර තිළිණ ගමගේ මහතා ඇතුළු සිව් දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා

    බලපත්‍රයක් නොමැතිව "සකුරා" නමැති අලි පැටවෙකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ, අදාළ අලි පැටවාගේ මුල් අයිතිකරු බව කියන චන්ද්‍රරත්න යටවර, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයෙක් වන උපාලි පද්මසිරි සහ එම දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව කටයුතු කළ ප්‍රියංකා සංජීවනී යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

    Latest News