සජින් වාස්ට එරෙහි නඩු විභාගයට මහාධිකරණයෙන් දිනයක්

පෙබ 11, 2020

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විභාගය ලබන 25 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ නඩුව කැඳවනු ලැබීය. එහිදී විනිසුරුවරයා තීන්දු කළේ මෙම නඩුවේ විභාගය ලබන 25 වැනිදා ආරම්භ කරන බවයි. එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කරන ලෙස ද විනිසුරුවරයා නියම කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ කාලසීමාව තුළ අයථා ලෙස රුපියල් කෝටි 30 කට අධික වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 11:41

    Latest News