ගුවනින් ඇවිත් කංසා හේන් වැටලූ STF මෙහෙයුම (වීඩියෝ)

අගෝ 21, 2020
  • ගුවනින් භට පිරිස් ගොඩබස්වා උඩවලව ජාතික උද්‍යානය හා රක්‍ෂිත කලාපය තුළ පිහිටි කංසා හේන් විනාශ කිරීමේ මෙහෙයුමක් අද ක්‍රියාත්මක කෙරිණ.

    ගුවන් හමුදා බුද්ධි ආවේක්‍ෂණ පද්ධතිය විසින් තහවුරු කරගනු ලැබූ ස්ථානවල පිහිටි නීති විරෝධි කංසා වගා භූමි 08ක් මේ යටතේ විනාශ කෙරිණ. ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ අධීක්‍ෂණය යටතේ ගුවන් මෙහෙයුම ක්‍රියාත්මක වූහ.

    ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මෙය ක්‍රියාත්මක කළ බව, ගුවන් හමුදාව පවසයි. “බීච් ක්‍රාෆ්ට්” වර්ගයේ නිරීක්‍ෂණ ගුවන් යානයක් යොදා ගනිමින් ප්‍රථමයෙන් සියලු ස්ථාන නිරීක්‍ෂණය කර තිබේ. ගුවන් හමුදාවේ බෙල් 212 හා M.I. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 02ක් යොදා ගනිමින් පොලිස් විශේෂ කාර්ය බලකා භට පිරිස් ගුවනින් කංසා වගා වෙත ගොඩබස්වනු ලැබීය. සියලු කංසා පැළ ගලවා ගිනි තබා විනාශ කළ බව ගුවන් හමුදාව පවසයි.

    Last modified on සිකුරාදා, 21 අගෝස්තු 2020 20:08

    Latest News