ජීව උණ්ඩ හා බෝර 12 ගිනි අවියක කොටස් මාපිටිගම කුඩා පාලම යටින්

අගෝ 21, 2020

    විවිධ වර්ගවල ජීව උණ්ඩ හා බෝර 12 ගිනි අවියක කොටස් නවගමුව, මාපිටිගම කුඩා පාලම යටින් සොයා ගෙන තිබේ.

    කිසියම් පුද්ගලයෙකු ඊයේ රාත්‍රී මෙම අවි කොටස් හා උණ්ඩ ගඟට විසිකරනු දුටු පුද්ගලයෙකු සැක සිතී නවගමුව පොලිසියට පැමිණිළි කළේය. අද උදේ සිට එම ස්ථානයේ සෝදිසියක් ක්‍රියාත්මක වූ අතර පොලිස් කිමිදුම්කරුවන් යොදවා ඒවා සොයා ගැණින.

    බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ 16ක්, මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝල උණ්ඩ 15ක්, තවත් හඳුනා නොගත් ජීව උණ්ඩ 63ක් ඒ අතරවේ. යම් අපරාධ කල්ලියක සාමාජිකයන් ඒවා ගඟට විසිකරන්නට ඇති බව පොලිසිය පවසයි.

    Latest News