රු. කෝටි තුනක ගංජා සමග 4ක් අත්අඩංගුවට

පෙබ 13, 2021

    බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් විසින් කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයේ අලුත්වෙල ප්‍රදේශයේ දී ඊයේ (12) සිදු කළ සාර්ථක වැටලීමකදී රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් ගංජා හේන් දෙකක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගත් එක් ගංජා හේනක ගංජා ගස් තිස් දහසකට වඩා තිබී ඇති අතර අනෙක් ගංජා හෙනේ ගංජා ගස් දසදහසකට වඩා තිබූ බව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසීය. එම ගංජාවල වටිනාකමක රුපියල් කෝටි තුනකට අධික බව විශේෂ කාර්ය බලකා නිලධාරීන් සදහන් කරන අතර සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කිරීමට පියවර ගෙන තිබේ.

    වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි පිලිවෙලින් වයස අවුරුදු දහනවය,විසිහතර,විසිනවය සහ තිස් හතර යන වයස්වල පසුවන්නන් වන අතර එම සැකකරුවන් ඉදිරි විමර්ශන සදහා කොස්ලන්ද පොලිසිය වෙත භාර දී ඇත.

    සැකකරුවන් අද (13) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News