දූෂිත නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි - ආරක්ෂක ලේකම් (වීඩියෝ)

අගෝ 20, 2020
  • රාජ්‍ය ආයතනවල දූෂිත නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

    රාජ්‍ය ආයතනවල සිටින දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ‍එම ආයතන වෙනුවෙන් කැපවීමෙන් සේවය කරන යහපත් පිරිසට ද අසාධාරණයක් සිදුවන බව ඒ මහතා පැවසීය.

    ඊයේ (19) ගාල්ලේ පැවති දකුණු පළාත් පොලිස් කොට්ඨාසවල ප්‍රගතිය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමේ උත්සවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

    "බොහෝ රාජ්‍ය ආයතනවල හොඳ නිලධාරීන් රාශියක් ඉන්නවා..ඒ අතර දූෂිත නිලධාරීන් කිහිපදෙනෙකුත් ඉන්නවා..ඒ දූෂිත නිලධාරින් හොඳ නිලධාරීන් මහන්සියෙන්, කාලය වැයකරලා කරන හොඳ ක්‍රියාවල් සියල්ලගේම මඩ නෑවෙන විදියට වැඩ කරනවා.."

    Last modified on බ්‍රහස්පතින්දා, 20 අගෝස්තු 2020 18:22

    Latest News