ඉතාලි තානාපතිනිය ආරක්ෂක ලේකම් හමුවෙයි

මාර් 05, 2021

    ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉතාලි තානාපතිනිය වන අතිගරු රිටා මැනෙලා මැතිනිය අද (මාර්තු 5) දින අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා හමුවිය.

    මෙම සැසිවාරයේදී ආරක්ෂක ලේකම් සහ තානාපතිනිය අතර ද්විපාර්ශ්විකව වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් සිදුවිය.

    මෙහිදී ශ්‍රී ලංකාව තුල සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ඉතාලි සංචාරකයන් ගෙන්වා ගැනීම සහ ආයෝජන අවස්ථාවන් ඇතිකිරීම පිළිබඳව අවධානය යොමුවිය.

    ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර සහ ඉතාලි තානාපති කාර්යාලයේ නිලධාරීන් මේ අවස්ථාවට සහභාගී විය.

    Latest News