නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය

අගෝ 20, 2020

    නවවැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පත් වෙයි.

    අමාත්‍ය මහින්ද අමරවීර මහතා මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළ අතර රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා විසින් ස්ථීර කිරීම සිදු කළේ ය.

    මේ අතර නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙස අංගජන් රාමනාදන් මහතා පත් විය. සභානායක ධූරයට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත් වූ අතර ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් විය. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදස මහතා තේරී පත් විය.

    Latest News