9 වැනි පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන (වීඩියෝ)

අගෝ 20, 2020
  • නව වැනි පාර්ලිමේන්තුවේ සභානායක ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජකාරී ආරම්භ කළා.

    විදේශ අමාත්‍ය දිනේෂ්‌ ගුණවර්ධන මහතා පෙරවරු 8.46 ට යෙදුණු සුබ මොහොතින්‌ සභානායක ධූරයේ රාජකාරී ආරම්භ කළා.

    මෙරට පාර්ලිමේන්තුවේ 17 වැනි සභානායකවරයා වන්නේ, දිනේෂ්‌ ගුණවර්ධන මහතායි. ගුණවර්ධන මහතා මේ වසරේ ජනවාරී 3 වැනිදා සිට මාර්තු 2 වැනි දා දක්වා සභානායක ධූරයේ කටයුතු කළා. ඊට පෙර ඔහු 6 වැනි හා 7 වැනි පාර්ලිමේන්තුවල ද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධන සංවිධායක ලෙස කටයුතු කර තිබෙනවා.

    1983 දී පාර්ලිමේන්තුවට පිවිසි දිනේෂ්‌ ගුණවර්ධන මහතා කැබනට් අමාත්‍ය ධූර ඇතුළු රජයේ විවිධ වගකීම්‌ රැසක්‌ දැරූ පරිනත මන්තිවරයෙකි.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 අගෝස්තු 2020 19:56

    Latest News