ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු (වීඩියෝ)

අගෝ 20, 2020
  • 9 වැනි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රාජකාරී ආරම්භ කළා.

    අමාත්‍ය ජොන්ස්ටන්‌ ප්‍රනාන්දු මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයේ සිය රාජකාරී ආරම්භ කළේ, අද පෙරවරු 9.00 ට යෙදුණු සුබ මොහොතින්‌. ජොන්ස්ටන්‌ ප්‍රනාන්දු මහතා මේ වසර ජනවාරි 3 වැනි දින සිට මාර්තු 2 වැනිදා දක්වා ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළා. ප්‍රනාන්දු මහතා 2000 වසරේ දී පාර්ලිමේන්තුවට පිවිස කැබිනට්‌ අමාත්‍ය ධූර ඇතුළු රජයේ විවිධ වගකීම්‌ රැසක්‌ දැරූ මන්ත්‍රිවරයෙකි.

    එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර සඳහා නියෝජිතයෙකු නම් කිරීම ද හෙට සිදු කිරීමට නියමිතය.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 අගෝස්තු 2020 19:56

    Latest News