පසුගිය දෙසතිය තුළ මත් ජාවාරම්කරුවන්ගේ මුදල් රු. කෝටි 220ක් සංසරණය වෙලා - පොලිසිය (වීඩියෝ)

අගෝ 14, 2020
  • පසුගිය සති දෙක තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගිණුම් හරහා රුපියල් කෝටි 220ක මුදල් සංසරණය වී ඇති බවට හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණ සිදු කෙරෙන බවයි.

    පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කර ගැනීමට ජාවාරම්කරුවන් නව උපක්‍රම භාවිතා කරන බවට තොරතුරු ලැබී ඇතැයි ද මෙහිදී හෙළි කෙරිණ.

    Last modified on සිකුරාදා, 14 අගෝස්තු 2020 20:10

    Latest News