පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත් කෙරේ

අගෝ 07, 2020

    2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනූව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17ක් සදහා හිමිකම් ලබා තිබේ.

    ඒ සඳහා පත් කෙරෙන අපේක්ෂකයින්ගේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත බාරදෙනු ලැබීය. මහාචාර්ය ජී එල් පීරිස්, නීතීඥ සාගර කාරියවසම්,හිටපු මහබැංකු අධිපති,අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි, ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, මංජුලා දිසානායක, මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහාචාර්ය චරිත හේරත්, ගෙවිඳු කුමාරතුංග, මොහොමඩ් මුසම්මිල්, මහාචාර්ය තිස්ස විතාරණ,ඉංජිනේරු යදාමිණී ගුණවර්ධන, ආචාර්ය සුරේන් රාගවන්, තිරාන් අලස්, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, මොහොමඩ් ෆලීල් මර්ජාන් යන මහත්ම මහත්මීන් එම ලැයිස්තුවට ඇතුලත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Latest News