අපේක්ෂකයින් 35ම අද කොමිසමට

නොවැ 14, 2019

    ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින් 35 දෙනාට අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

    ඒ ජනාධිපතිවරණ ඡන්ද විමසීම, ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහායි. ඔවුන් නොපැමිණෙන්නේනම් අපේක්ෂකයාගේ බලයලත් නියෝජිතයන් දෙදෙනෙකුට පැමිණෙන ලෙස කොමිසම දැනුම් දී තිබේ.

    ජනාධිපතිවරණයට අදාළ සියළුම ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. නිහඩ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නඩු පවරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 නොවැම්බර් 2019 07:40

    Latest News