icc

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසම වෙත

අගෝ 13, 2020

    සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසම වෙත යවා ඇති බව වාර්තා වෙයි.

    එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් අදාළ නම් මැතිවරණ කොමිසම වෙත යොමුකර ඇත.

    මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07ක් හිමිව තිබුණි.

    ඒ අනූව, සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු, ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක හා ඩයනා ගමගේ යන අය නම් කර ඇති බව සඳහන්. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නම් කිරීමත් සමග මේ වන විට මෙවර පාර්ලිමේන්තුව සඳහා ජාතික ලැයිස්තුවෙන් නම් කිරීමට ඉතිරිව ඇත්තේ මන්ත්‍රී ධූර දෙකක් පමණයි.

    ඒ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුරය සහ අපේ ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ධුරයයි. මැතිවරණ කොමිසම වෙත යැවූ ලිපිය පහතින් දැක්වේ

    Latest News