මේ දක්වා ප්‍රතිඵල අනූව පොදුජන පෙරමුණ ඉදිරියෙන්

අගෝ 06, 2020

    2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අති විශිෂ්ට ජයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වී තිබේ.

    ප්‍රකාශිත ප්‍රතිඵල අනුව දෙවන ස්ථානයට පත්ව ඇති සමගි ජනබලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමි කරගැනීම ලාංකේය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක්.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා ඉතා කෙටි කලකින් පසුගිය පළාත් පාලන ඡන්දය විශිෂ්ට අයුරින් ජයග්‍රහණය කළේය. මෙරට මෑත කාලීන දේශපාලන ඉතිහාසයේ යම් පක්‍ෂයක් පිහිටුවා ඉතා ඉක්මණින් ආණ්ඩු බලය අත්පත් කරගත් ප්‍රථම අවස්ථාව මෙයයි. එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී 69 ලක්‍ෂයක ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත්කිරීමට මෙරට ජනතාව පියවර ගත්තේය. එම ජයග්‍රහණය, විජයග්‍රහණයක් බවට පත්කිරීමට මෙරට ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේදී ක්‍රියා කළේය. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලින් බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවීම සුවිශේෂි තත්වයක්.

    නිකුත් කෙරුණු ඡන්ද ප්‍රතිඵලවලින් මාතර දිස්ත්‍රික්කයේ අවසන් ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 06ක් දිනාගත්තේය. දිස්ත්‍රික්කයෙන් ඡන්ද තුන් ලක්‍ෂ 52,217ක් ලබාගත් එම පක්‍ෂය ලබාගත් ඡන්ද ප්‍රතිශතය 73.63%ක්. සමගි ජනබලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 72,740යි. ප්‍රතිශතය 15.21%ක් වේ. ඒ අනුව සමගි ජනබලවේගයට මාතර දිස්ත්‍රික්කයෙන් ආසනයක් ලැබී තිබේ.

    මෙවර ඡන්දයේ දී සාම්ප්‍රදායික දේශපාලන පක්‍ෂවලට වඩා දේශපාලන පක්‍ෂවලට ජනතාව නැඹුරුවීම දක්නට ලැබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අති විශාල ආකර්ෂණයක් හා එක්සත් ජාතික පක්‍ෂයෙන් කැඩී පිහිටුවන ලද සමගි ජනබලවේගය බහුතර ආසනවල දෙවන ස්ථානයට පත්වී තිබේ.

    එක්සත් ජාතික පක්‍ෂය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල පසුබෑමක් පෙන්නුම් කරන අතර, ජාතික ජනබලවේගය ද එක්සත් ජාතික පක්‍ෂයේ ඉරණමටම ගොදුරු වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ දෙවන ස්ථානයේ පසුවන ජාතික ජනබලවේගය අසළ ඇත්තේ, විශාල පරතරයක්. මෑතකාලීන ඉතිහාසයේ ආණ්ඩු බලය අත්පත් කරගත් පක්‍ෂයක් හා දෙවන ස්ථානයට පත් පක්‍ෂයක් අතර වැඩිම හිදැස දක්නට ලැබුණේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදීය.

    ජනාධිපතිතුමාගේ දූරදර්ශී නායකත්වය, ආර්ථිකය ගොඩනැංවීමේ ප්‍රතිපත්ති, කොවිඩ්-19 රෝගය මැඩපැවැත්වීම හා ඒහා ලබාගත් ජයග්‍රහණ වැනි කරුණු රැසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශිෂ්ට ජයග්‍රහණයට බලපා තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 අගෝස්තු 2020 19:53

    Latest News