අතිවිශිෂ්ට ජයග්‍රහණයක්‌ කරා තම පක්ෂය ගෙන ගිය ජනතාවට ප්‍රමාණය පුද කරනවා - අගමැති

අගෝ 07, 2020

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව විශ්වාසය තබමින්‌ අතිවිශිෂ්ට ජයග්‍රහණයක්‌ කරා තම පක්ෂය ගෙන ගිය ජනතාවට සිය ප්‍රමාණය පුද කරන බව, අග්‍රාමාන්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

    ලාංකේය ඉනිනාසයේ දේශපාලන පක්ෂයක්‌ අත්කරගත්‌ විශිෂ්ටතම ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ළඟා වී‌ සිටින බවයි, රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ. එය, තම පක්ෂයේ ප්‍රතිපත්ති, ජනතාව අනුමත කිරීමක්‌ බවයි, අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. විශිෂ්ට ජයග්‍රහණය මත පදනම්ව ජනතා හිතවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඇපකැප වන බව, මහින්ද රාජපක්ෂ මහතා කියා සිටිනවා.

    Last modified on සිකුරාදා, 07 අගෝස්තු 2020 11:07

    Latest News