කෙලෙහි ගුණ නොදත් අයගේ ඉරනම දුමින්දගෙන්

ජන 05, 2019

    බෞද්ධයෝ විදිහට කෙලෙහිගුණයත්, තමන්ට අත දුන් අයත් මතක තබා ගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසයි.

    අනුරාධපුර, තිරප්පනය, සන්දනම්කුළම ගම්මානයේ ඉදි කළ ප්‍රතිආශ්‍රිත ජල පෙරණ පද්ධතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තු ප්‍රථිපාදන යටතේ, රුපියල් ලක්ෂ 20 ක් වැය කර මෙම ජල පෙරණ පද්ධතිය ඉදි කෙරිණ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසාානයක -“ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩු මගින් ඔබතුමන්ලාගේ ගම්මාන වලට විශාල සේවයක් කරලා තියෙනවා. මේ ගම්මානයේ වැව් 04 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩු වලින් හදලා තියෙනවා. මේ වැව් වල වැඩ පටන් ගද්දීත්, වැඩ අවසන් කරද්දීත් මම ආවේ නෑ. ඒ නිසා බෝඩ් එකක්වත් ගහලා නැතිව ඇති, කවුද මේ වැඩ කලේ කියලා දන්නෙත් නැතිව ඇති ගමේ කට්ටිය. මෙම ගම්මානය ළූණු ගම්මානයක් ලෙස නම් කරලා රුපියල් ලක්ෂ 08 ක ළූණූ බීජ ලබා දීලා ඒ ව්‍යාපෘතිය අනුමත වෙලා එය ක්‍රියාත්මක වෙන්න යෙදිලා තියෙනවා. ඒ වගේම රුපියල් ලක්ෂ 50 ක මුදලක් විදුලිය ලබා දීමට අපි ලබා දීලා තියෙනවා.

    අපි බෞද්ධයෝ විදිහට කෙලෙහිගුණය කියන එක තිබුණොත් තමයි ඉස්සරහට හොඳ වෙන්නේ, කෙලෙහිගුණය නැති අයට වෙන්නේ මොනවද කියන එක දැන් ඇස් පනාපිටම පේන්නත් තියෙනවා. ඒ නිසා අපි බෞද්ධයෝ විදිහට කෙලෙහිගුණයත් තියා ගන්න ඕන. කවුද තමන්ට අතහිත දුන්නේ, කවුද තමන්ව නැගිට්ටෙව්වේ, කවුද මේ ගම ශක්තිමත් කරන්නේ කියන කාරණාවත් පිළිබඳව වැඩි විමසිල්ලෙන් ඉන්න කියලත් අපි ඉල්ලීමක් කරනවා. ඉස්සරහටත් ඔබතුමන්ලාට වැඩ ගන්න පුළුවන්කම තියෙන්නේ වැඩ කරපු අයගෙන් මිසක්, වැඩ කරන්නම් කියන අයගෙන් නෙමෙයි. අපි ගම්වලට ගිහින් වැඩ කරපුවම ඇති මේවා කියන්න ඕන නෑ කියලා අපි හිතනවා.

    ඔබතුමන්ලා මොන විදිහට ජන්දය පාවිච්චි කළත්, නොකලත් අපිට වගකීමක් තියෙනවා අපි ගත්ත ජන්දයට, අපි ආණ්ඩු කරන, කරපු උදවිය විදිහට, පළාත් සභාවේ, ප්‍රාදේශිය සභාවේ වැඩ කරන උදවිය විදිහට ගම්බිම් දියුණු කරන්න. ජන ජීවිතය උසස් තත්වයකට ගෙන ඒම තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් ඉදිරියටත් ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. මැතිවරණ කාළයට අපි මැතිවරණ කරමු, හැබැයි ගමේ දියුණුව වෙනුවෙන් සියලු දෙනාම පක්ෂ, පාට, ජාති-ආගම්, කුළ-මළ භේද ඉවත් කරලා හැමෝම පෙනී සිටින්න ඕන, අපේකම වෙනුවෙන් අපි හැමෝම පෙනී සිටින්න ඕන කියන කාරණාව මූලික කර ගෙන සියලු දෙනාම අත්වැල් බැඳ ගන්න යැයි පැවසීය.

    Last modified on සෙනසුරාදා, 05 ජනවාරි 2019 18:17

    Latest News